වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තේ කොලොන්නාවේ කුඩු ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ සිද්ධිය ගොඩින් බේරන්නැයි දේශපාලනඥයන් දෙදෙනෙකු කළ ඉල්ලීම ඉවත දැමූ නිසා බව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අඟහරුවාදා (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මියට දන්වා සිටියේය.
මත් කුඩු සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අඟහරුවාදා (07) අධිකරණයට ඉදිරිපත් කරන ලද වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති බණ්ඩාර මුණසිංහ නැමැත්තා ජනවාරි 01 සිට අඟහරුවාදා (07) දක්වා රැඳවුම් නියෝග මත රඳවා තැබුණි.
කොළඹ අපරාධ කොට්ඨාශය අඟහරුවාදා (07) අධිකරණයට කියා සිටියේ විමර්ශන අවසන් නොමැති නිසා තවදුරටත් සැකකරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසයි.
ස්ථානාධිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා කියා සිටියේ, පසුගිය දෙසැම්බර් 31 දින මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොලොන්නාවේ ප්‍රධාන කුඩු ව්‍යාපාරිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. ඒ අතර ජොනී නම් කාන්තාවක සිටි බවද කියා සිටියේය. එම ප්‍රදේශයේ දේශපාලනඥයන් දෙදෙනෙකු තමන්ට කථා කොට මෙම සිද්ධිය ගොඩින් බේරාදෙන ලෙස ඉල්ලමින් දුරකථන අංකද ලබා දී තිබෙන බවත් කීවේය. එහෙත් ඊට අනුකූලතාවයක් නොදැක්වූ නිසා ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගත්තේ කුමන්ත්‍රණය කරමින් බවත් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පැවසුවේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පැමිණිලිකරුවකු නොමැති බවත් හෙතෙම සඳහන් කළේය. වෙනත් සිද්ධියකට සම්බන්ධ කාන්තාවක් මෙයට පටලා ඇති බවද කියා සිටියේය. එම කාන්තාව වැල්ලම්පිටිය පොලිසියට ගොස් ඇත්තේ වෙනත් කෙනෙකුට ගෙවිය යුතු හිඟ මුදලක් ගෙවීමට බවත් සඳහන් කළේය.මෙම සිද්ධිය සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු ජනවාරි 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කරන ලදී.
No comments:
Post a Comment