Tuesday, January 7, 2014

රතුපස්වල වතුර බෙදීම නවතී - තෙරිපැහැ හිමි පළමු බිල්ල වීමට සැරසේ

theripehe-siridamma-thero
දැන් රතුපස්වලට ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් බෙදපු බවුසර් වතුර නවත්වලා ජනතාවට නැවත වරක් බොන්න වෙලා තියෙන්නෙ ඇසිඩ් වතුර මේ ගැටලුව මේ පාලකයෝ විසදන පාටක් නෑ.ඉල්ලන්නේ මිනිස් බිලි නම් එහි පළමු බිල්ල වෙන්න මම සූදානම් යැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද (07) පැවසූහ.
වැඩිදුරටත් මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ උන්වහන්සේ සදහන් කර සිටියේ ඒ  නිසා මම පළමු වතාවට හා අවසාන වතාවට බැසිල් රාජපක්ෂ ඇමැති තුමා මුණ ගැසී සංදේශයක් භාරදී මේ සදහා මැදිහත්වීමට බලපැම් කරන බවයි. 
ඒ අනුව අද (07) උදෑසන සංදේශය රැගෙන රතුපස්වල සිට පාගමනින් ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට පැමිණ එම සංදේශය බැසිල් රාජපක්ෂට භාර දීමට නියමිතය. 

No comments:

Post a Comment