Tuesday, January 7, 2014

රතුපස්වල වතුර බෙදීම නවතී - තෙරිපැහැ හිමි පළමු බිල්ල වීමට සැරසේ

theripehe-siridamma-thero
දැන් රතුපස්වලට ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් බෙදපු බවුසර් වතුර නවත්වලා ජනතාවට නැවත වරක් බොන්න වෙලා තියෙන්නෙ ඇසිඩ් වතුර මේ ගැටලුව මේ පාලකයෝ විසදන පාටක් නෑ.ඉල්ලන්නේ මිනිස් බිලි නම් එහි පළමු බිල්ල වෙන්න මම සූදානම් යැයි තෙරිපැහැ සිරිධම්ම හිමියෝ අද (07) පැවසූහ.

OIC කුඩු වලට පැටලෙව්වේ කුඩු දේශපාලකයන්

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත්තේ කොලොන්නාවේ කුඩු ව්‍යාපාරිකයන් තිදෙනෙකුගේ සිද්ධිය ගොඩින් බේරන්නැයි දේශපාලනඥයන් දෙදෙනෙකු කළ ඉල්ලීම ඉවත දැමූ නිසා බව පොලිස් ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අඟහරුවාදා (07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නි‍රෝෂා ප්‍රනාන්දු මහත්මියට දන්වා සිටියේය.